Center for Korean Language and Culture Training

about

The Founder of The Thehan Sarasavi.

වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයින් කොරියානු භාෂා අධ්‍යයන ක්ෂේත්‍රය තුළ අංශ කිහිපයකටම අදාලව ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදුකරමින් සිටී. පාසල් විෂය නිර්දේශ තුළ අ.පො.ස. (සා.පෙළ) සහ අ.පො.ස (උ.පෙළ) දක්වාද ඉන් නොනැවතී විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වාම එය ව්‍යාප්තව පවතී.

මීට අමතරව දශක කිහිපයක පටන් ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව තුළ රැකියා බලපත්‍ර ක්‍රමය හරහා ක්‍රියාත්මක කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය (EPS -TOPIK) මඟින් කොරියානු රාජ්‍යයේ ඉහල වැටුප් තල සහ වරප්‍රසාද සහිත විදේශ රැකියා වෙළඳපොල සඳහාද ඇත්තේ ඉහල ඉල්ලුමකි.

එමෙන්ම මෙරට ආර්ථිකයේ දැවැන්තම අංශයක් වන සංචාරක කර්මාන්තය සහ වෙනත් විවිධ රැකියා සඳහා ද අත්‍යවශ්‍ය ම අංගයක් ලෙස කොරියානු භාෂා ඉගෙනුම් ක්‍රියාවලිය සුළුපටු නොවන දායකත්වයක් ලබාදෙයි.

තවද අන්තර්ජාතික සංස්කෘතික හුවමාරුව වෙනුවෙන් ජනප්‍රිය සංස්කෘතික අංගයක් ලෙස විනෝදාශ්වාදන කර්මාන්තය වෙත ආකර්ශණය වන්නන් සහ කොරියානු විශ්ව විද්‍යාල අධ්‍යාපනය කෙරෙහි යොමුවන්නන් තුළ ද කොරියානු භාෂා අධ්‍යයනය පිළිබඳ ඇත්තේ මහත් උනන්දුවකි.

තේහන් සරසවි අප, මෙකී සියලු ක්ෂේත්‍ර සඳහා ඔබට අවශ්‍ය භාෂා ඥානය සරල නමුත් නූතන තාක්ෂණික ක්‍රමෝපායන් මඟින් ඔබවෙත නිවැරදිව ලබාදීම සඳහා වගකීමෙන් බැඳී සිටින්නෙමු.

ස්තුතියි!

Lakshman Siriwardhana
BA (Hons) MACO
Diploma in Korean
(University of Kelaniya)

Workshops
වැඩමුළු

Online courses for anyone, anywhere

No workshops found!

Get a Copy of

EPS - TOPIK 2000 Question Bank (English Translation)

call to action

Get a Copy of

EPS - TOPIK Syllabus (50 Lessons) (English Translation)

call to action

Get a Copy of

EPS - TOPIK New Syllabus (60 Lessons) (English Translation)

call to action

Study Pack
අධ්‍යයන කට්ටලය

Online courses for anyone, anywhere

study pack

Word Bank (DVD)

2015 නව නිර්දේශ ග්‍රන්ථවල ඇති පින්තූර සටහන් සහිත කොරියානු වචන සියල්ල උච්ඡාරණය සහ අර්ථය සමඟින් නැරඹීමට සහ සවන්දීමට හැකිවන පරිදි සකසා ඇත.

study pack

2000 - Question Bank (PPT)

2000 Question Bank ප්‍රශ්ණ සංග්‍රහයේ ඇති ප්‍රශ්ණ සියල්ල Power Point Presentation ක්‍රමයට පරිඝණක ආධාරයෙන් අධ්‍යයනය කිරීම සඳහා සැකසූ වැඩසටහනකි. සිංහල පරිවර්තනය සමඟින් අධ්‍යයන කළ ප්‍රශ්ණ සියල්ල විභාග ක්‍රමයට සමාන්තරව (CBT) මෙමඟින් පරීක්ෂා කළ හැකිය.

study pack

EPS - TOPIK 2000 QUESTION BANK

EPS - TOPIK පරීක්ෂණය සඳහා නියමිත විෂය නිර්දේශය අධ්‍යයනය කළ පසු විභාග ප්‍රශ්ණ අධ්‍යයනය සඳහා මේ වන විට ඇති හොඳම ප්‍රශ්ණ - පිළිතුරු සංග්‍රහය මෙයයි. සවන්දීම සඳහා ප්‍රශ්ණ 960 ක් සහ කියවීම සඳහා ප්‍රශ්ණ 960 ක්, පිළිතුරු සහ හඬ පට සමඟ මෙහි ඇතුළත් වේ. සිංහල පරිවර්තනයකි.

study pack

Self Study Pack

ස්වයං අධ්‍යයන කට්ටලය #ප්‍රශ්ණ 2000 සිංහල පරිවර්තනය # ප්‍රශ්ණ පත්‍ර කට්ටලය (15) # ප්‍රශ්ණ 2000 පරිඝණක අභ්‍යාස වැඩසටහන (DVD) # පාඩම් 60 වචන මාලාව ( DVD ) # විෂය නිර්දේශ පරිවර්තනය (පොත් 2) යන සියල්ලෙහි එකතුවකි.

study pack

Paper Set

සවන් දීමට ප්‍රශ්ණ 20 ක් සහ කියවීමට ප්‍රශ්ණ 20 ක් ලෙස ප්‍රශ්ණ 40කින් යුතු ප්‍රශ්ණ පත්‍ර 15ක් මෙහි අන්තර්ගත වේ. හඬ පට සහ පිළිතුරු පත්‍රය සහිතයි.